අතුරලියේ රතන හිමි මේ වනවිට අගමැතිවරයාගේ සිත දිනාගනිමින් ජනාධිපතිවරයාගෙන් අනුකම්පාව ලබාගැනීමේ බොළඳ ප්‍රයත්නයක නියැලී සිටින්නේ යැයි ද උන්වහන්සේ රටට පෙන්වන්නේ ව්‍යාජ ස්වාධීනත්වයක් යැයි ද ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා පවසයි.
එවැනි පියවරවලින් රතන හිමි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විනය පරීක්ෂණය ආපසු හැරවෙන්නේ නැතැයි ද අවශ්‍ය නම් ස්වාධීන වීමට ගත් තීරණය අතහැර ජාතික හෙළ උරුමය සමග නැවත වැඩ කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.
අද(21) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසීය.

