
(නිමල කොඩිතුවක්කු)
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වයෙන් පසු රට ගොඩ නැගීම සඳහා “රට යළි හදන මග” ඇතුළත් යෝජනාවලියක් - පිවිතුරු හෙළ උරුමය විසින් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත යොමුකර තිබේ.
“රට යළි හදන මග - පිවිතුරු හෙළ උරුමය යෝජනාවලිය” ඇතුලත් මෙම යොජනාවලිය කරුණු 25 කින් සමන්විත බව එහි නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
අපදා කළමණාකරණ සභාව වහාම ස්ථාපිත කර එය වහාම කැඳවීම, ප්‍රතිසංස්කරණ සහ පුනරුත්තාපන අමාත්‍යාංශයක් පිහිටුවීම, රාජ්‍ය නොවන සංවිධාන සමුලුවක් කැඳවීම, 2026 වසර සඳහා සංශෝධිත අයවැයක් ඉදිරිපත් කිරීම වැනි කරුණ එහි අඩංගු වේ.
තවද ආපදාවෙන් සිදුවුණු පිරණ පිළිබඳ විස්තරාත්මක සංඛ්‍යා ලේඛණ ප්‍රසිද්ධ කර ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය යළි ගොඩ නැගීම, දික්වා කුනාටුවෙන් සිදුවුණු ආපදාව තීව්‍ර කිරීමට ආණ්ඩුවේ නොසැලකිල්ල දායක වූවාදැයි විමර්ශනය කර වගකිවයුතු අය වාර්තා කිරීමටත් මෙවැනි විපතක් යළි ඇතිවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ඇතුලු කරුණු 25 කින් එය සමන්විත වේ.
මෙම යෝජනාවලිය ඇතුලත් ලේඛනයක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති බවත් එම යෝජනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් ඕනෑම අවස්ථාවක ඒ සඳහා සූදානමින් සිටිනබවත් ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කළේය.

