ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ශ්‍රී ලංකාවට කාල දිගුවක් ලබා දෙන්නේ නම් එම විමර්ශනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ අධීක්ෂණයක්ද අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ඉදිරි මානව හිමිකම් සැසිවාරයේදී යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම සදහා කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමට සූදානමින් සිටින බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මෙම අදහස් පළ කළේය.
අවසන් යුද සමයේදී සිදුවූ යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් වලට වගවීමෙන් රජය මිදීමට උත්සාහ දරන බවත් ජිනීවා නිර්දේශවලට පටහැනිව යමින් රජය විසින් කරනු ලබන මෙම ක්‍රියා දෙමළ ජනතාව අතරේ දැඩි විවේචනයට හා අප්‍රසාදයට පත්ව තිබෙන බවත් විපක්ෂනායකවරයා කීවේය.

