“මර්දනය වහා නවතනු”


ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු අද (01) ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන්තොටුපලේ දී රඳවා ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩි කනස්සල්ල පළ කරයි.

මෙය පසුගිය  රජය සමයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට විදින්නට සිදු වූ ගැහැට සහ බලපෑම් නැවත වරක් කරළියට පැමිණීමක් ලෙස එම සංවිධානය පවසයි.

ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ නාමයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම වහා නවතා දමන ලෙස එම සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.