තමන්ගේ පුරවැසිභාවය හා දේශපාලන අයිතිය සම්බන්ධ ගැටළුවට තවම රජයෙන් විසඳුමක් දුන් බවක් පෙනෙන්නට නැතැයි පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් කීවේය.
තමාට විශ්වාසය ඇත්තේ ජනතාව හා පාක්ෂිකයින් ගැන බවත් එනිසා වර්තමාන රජය මේ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන විශ්වාසයක් නැති බවත් ඔහු පැවසීය.
අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.
“අවුරුද්දකුත් මාසයකුත් පස්සේ සාමාන්‍ය ජනාතාව සමග දේශපාලන කටයුතු කරන්න අවස්ථාව ලැබුණයි කියලා මා හිතනවා.වාර්තා වී තියෙන තොරතුරු අනුව මට තාවකාලික වීසා බලපත්‍රයක් දී තියෙනවා ටික කලකට.ඊට පස්සේ තමයි පුරවැසිභාවය ගැන සාකච්ඡා වෙන්නේ.පක්ෂයේ සහෝදර සහෝදරියන් ඇතුළු සංවිධාන මා අත්අඩංගුවට ගත් දවසේ සිට මට පුරවැසිභාවය ගැනීමට හා මගේ දේශපාලන අයිතිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් අරගල කළා.මගේ දේශපාලන අයිතියත් පුරවැසිභාවය ලබාගැනීමත් රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයේ පැතිකඩක් ලෙසයි මා දකින්නේ.මෙය රටේ පොදු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමේ අරගලයේ කොටසක් ලෙස මා දකිනවා.ඉදිරියේදී ඒ අරගලයට දායක වෙනවා.මට අවශ්‍ය ද්විත්ව පුරවැසිභාවය නොව ශ්‍රී ලංකාවේ පාරම්පරික පුරවැසිභාවයයි “යැයි ඔහු පැවසීය.