“බස් රියදුරන් විය හැක්කේ සහතිකය ලැබූ අයට පමණයි“


ජූනි පළමු වැනිදා සිට බස් රියදුරන් ලෙස සේවය කිරීමට අවසර ලබා දෙන්නේ රියදුරු බලපත්‍රය හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුව ලබා දෙන සහතිකය ලැබු රියදුරන්ට පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා කියයි.

මෙය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික අංශ දෙකටම අදාළ බවද ඒ මහතා පවසයි.