ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (3) ප්‍රකාශ කළේය.
ත්‍රිපිටක ධර්ම අධ්‍යාපන ආයතනයක වැදගත්කම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය තමන් දැනුම්වත් කර ඇති බවත් එවැනි ආයතනයක් ඇති කිරීම සඳහා මහා සංඝ රත්නයේ අනුශාසන බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ නාරාහේන්පිටදී අද (3) ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා සංඝ මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය..
ආණ්ඩුවක් ලෙස පොදු මහජනතාවගේ සුබ සාධනය සැලැසීම සඳහා කටයුතු කරන අතරම පැවැරී ඇති අනෙකුත් යුතුකම් සහ වගකීම ඉටු කරන බව ද ජනාධිපතිවරයා කීවේය.
මෙරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමීව මෙම කටයුත්තට මූලිකත්වය දී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීවේය.







