“දෙනවයි කියලා දුන්නේ නෑ“


අබාධිත සෙබළු අද (03) සිව්වැනි දිනටත් කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණය කරති.පොරොන්දු වූ පරිදි රජය තම ඉල්ලීම ඉටු නොකරන බව ඔවුහු කියති.

“අපි දේශපාලනය කරනවායැයි හංවඩු ගහනවා.අපිට එහෙම දේශපාලනයක් නැහැ.නමුත් අප සමග සටනට එක් වන ලෙස හිටපු ජනපතිට,හිටපු ආරක්ෂක ලේකම්ට,බොදු බල සේනාවට සහ රාවණා බලයට ආරාධනා කර තිබෙනවා“යැයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලකාය කියයි.

මුදල් රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කොළඹ මාධ්‍ය හමුවකදී පැවසුයේ ඔවුනට දුබලතා විශ්‍රාමතා වැටුප සහ මුලික වැටුප සම්පුර්ණයෙන්ම ගෙවීමට ජනපති තීරණය කර ඇති බවයි. ඇතැමුන් දේශපාලන උවමනාවට කටයුතු කරන බවත් අබාධිත සෙබළුන් ඇතැමෙකු උදේට වෑන් වලින් ගෙනත් දමා හවසට රැගෙන යන බවත් ඔහු කීවේය.

1 2  4 5 6  8