“තිරසාර සංවර්ධන පනතට උතුරේ එකඟත්වය නෑ“


ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව එකඟතාව පළ කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
 
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන තුරු එම පනත් කෙටුම්පත සලකා නොබැලීමට නැගෙනහිර පළාත් සභාව තීරණය කර ඇතැයි ද කතානායකවරයා කීවේය.
 
සංශෝධනවලට යටත්ව උතුරු මැද පළාත් සභාව තිරසාර සංවර්ධන පනත් කෙටුම්පතට එකඟදාව පළ කර තිබෙන බව කී කරු ජයසූරිය මහතා සෙසු පළාත් සභා සංශෝධන රහිතව පනත් කෙටුම්පතට එකඟත්වය පළ කර ඇතැයි සඳහන් කළේය.