“ටක් “ ගාලා වාහනේ ගන්න ක්‍රමයක් එයි


තම පරිහරණයට  ගෙන්වන  වාහන වරායට   පැමිණි දිනයේම සියලු   දේ   සම්පුර්ණ  කරගෙන වාහනය  ගෙදර   ගෙන යාමට  හැකි  බව  ප්‍රවාහන  ඇමැති   කියයි.

බදු  ගෙවා   මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්   ලබාගත යුතු   සියලු   සේවා  ලබා ගෙන  අංකයත්  සමඟ  වාහනය  නිදහස්   කරගෙන  යාමට  හැකි   ක්‍රියාදාමයක්  ළඟදීම ආරම්භ කිරිමට   නියමිතය.

මේ  සඳහා   මෝටර්  රථ ප්‍රවාහන  දෙපාර්තුමේන්තුවේ   කවුන්ටරයක්  වරාය    පරිශ්‍රයේ  පිහිටුවිමට ක්‍රියාකරගෙන  යන බව මෝටර් රථ ප්‍රවාහන  කොමසාරිස්   ජනරාල්   ජගත්  චන්ද්‍රසිරි   මහතා පැවසිය. මහජනතාවගේ පහසුව වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙළක්  ක්‍රියාවට   නංවන  ලෙස ප්‍රවාහන  ඇමැති   මද්දුම බණ්ඩාර  මහතා   ලබාදුන්  උපදෙස්  මත නව  වැඩපිළිවෙළ හදුන්වා   දෙයි.

වාහන ආනයනයකරුවන්  හරහා  තම  ප්‍රයෝජනයට  ගෙන්වන  වාහනය සඳහාත්   මෙම  ක්‍රමවේදය  ක්‍රියාත්මක  කිරිමට   හැකි   වැඩපිළිවෙළක්  මේ  යටතේ  සැකසෙයි.

ආනයනය කරන සෑම  වාහනයකට ම අදාළ සියළුම තොරතුරු  රේගුව මගින්   මෝටර්   රථ  ප්‍රවාහන  දෙපාර්තුමේන්තුවට  ලබා ගැනෙයි.

වාහන  ආනයනයකරුවන් මගින් වාහන  ආනයනයේ දී  ඉල්ලුම්  කළ වාහනයට වඩා  හාත්පසින් වෙනස්  වාහනයක්  ලබාගැනීමට   සිදුවන අවස්ථාවන්  ගැනද වාර්තා වි ඇත. එවන්   වංචනික  ක්‍රියාවන්ට   වැට බැඳිමටත්  සිදුවෙයි. ආනයනය කළ සෑම  වාහනයකටම ඡායාරුප කිහිපයක්   ඇතුළු  වාහනයට අදාළ  සෑම  තොරතුරක්ම මෝටර්  රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ලබා ගනි.