කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සේවකයින් 14 දෙනකුගේ සේවය අහිමි කළැයි කියමින් පර්යන්ත සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
මෙම ගැටළුව නිරාකරණය කර දෙන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය අධිකාරීයේ සභාපතිගෙන් ඉල්ලා සිටියේය.
එම පර්යන්තය චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කරන බවත් සාධාරණ හේතුවක් නැතිව එම සේවකයින් 14 දෙනා සේවයෙන් ඉවත් කළ බවත් සේවකයෝ කියති.
මෙම වැඩවර්ජනය නිසා නෞකා මෙහෙයවීමේදී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවන බවත් ඉන් කොළඹ වරාය ජාත්‍යන්තරව ලබාගෙන ඇති කීර්ති නාමය පළුදු වනු ඇති බවත් එම සංගමය කියයි.