“කැළණි ගඟේ වතුර බොන්න බැහැ“


කර්මාන්ත ශාලා වලින් හා නිවාස වලින් දමන අපද්‍රව්‍ය නිසා කැළණි ගඟේ වතුර බීමට පවා නොහැකි මට්ටමකට පත්ව ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

තමන්ට පමණක් කැළණී ගඟ හා පරිසරය ආරක්ෂා කිරීමට නොහැකි බවත් ඊට රජයේ වගකිව යුතු බලධාරීන් මැදිහත් විය යුතු බවත් ඔහු කීවේය.

අපද්‍රව්‍ය කළමණාකරනයේ වැදගත්කම තරුණ පිරිස් අතර ජනප්‍රිය කිරීම සදහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය විසින් පිහිට වූ ෆේසබුක් පිටුවක් එළි දක්වමින් ඔහු මේ බව කීය.