ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ හුදෙකලා පක්‍ෂයක් ලෙසින් නොව, කවුරුත් නොසිතන දේශපාලන බලවේග රැසක් සමග බව ශ්‍රීලනීප තරුණ පෙරමුණේ සභාපති අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
“පක්‍ෂය දෙකඩ නොවිය යුතු බවට ජනතා මතයක් නිර්මාණය වෙලා.ඒ නිසා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන අයට පක්‍ෂයෙන් ඉවත් වෙන බව කියන්න නොහැකියි“යැයි ඒ මහතා සඳහන් කරයි.
“අපි සයිටම් ගැන මධ්‍යස්ථ මතයක ඉන්නවා.මින් විශ්වාසදායී වෛද්‍යවරුන් බිහිකිරීමට කාටත් පිළිගත හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා.අපි මාර්තු මාසයේදී තරුණයින් වෙනුවෙන් දේශපාලන පාසලක් ආරම්භ කරනවා“යැයි ද බණ්ඩාර මහතා කියයි.

