යුද්ධයෙන් මියගිය පිරිස් සැමරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇතැයි ද ඔවුන් සමරන්නේ ත්‍රස්තවාදීන් නම් එය රජය අනුමත නොකරන බව බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසුරිය මහතා අද (13) පැවසුවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.
· පසුගිය ජනාධිපතිවරණයේ දී මහා පරිමාණයේ අක්‍රමිකතා සිදුවි ඇතැයි ද ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරි කාලයේ ඉදිරිපත් කරන බව ඔහු කිවේය.
· නිල කාලය දිර්ඝ කළ පළාත් පාලන ආයතන 234 ක මැතිවරණය පැවැත්වීම පිළිබඳව අද (13) පස්වරුවේ ඇමැති මණ්ඩල හමුවේ දී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද සඳහන් කළේය.

