“කතරගම අලියා අරං ගියාට පස්සේ ජනපති අල්ලස් කොමිසමටත් බැන්නා“


 “සංහිදියාව දෙපැත්තෙන්ම තිබිය යුතුයි .එක පැත්තකින් තිබිලා බෑ අපි සංහිදියාව ඇතිකරන්නත් උතුරේ ඊට විරුද්ධව කටයුතු කරන්නටත් සුදානම් වෙනවා නම් එතන සංහිදියාවක් නැහැ“යැයි මහින්ද රාජපක්ෂ මහතා  ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ  වාහල් කඩ හා බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.

   ''තිස්සමහාරාම පන්සලේ  හාමුදුරුවන්ගෙ අලියත් කතරගම දේවාලෙ අලියත්. ගංගාරාම පන්සලේ අලියත් අරන් ගියා. දැන් මේ අලි පින්නවල. පින්නවලදි අලියාට මහත් කරදර වී තියෙනවා, තුවාල වී තියෙනවා,මැරිලා තියෙනවා. කවුරුවත් මේ ගැන කථාකරන්නෙ නැහැ“

''කතරගම දේවාලෙ අලියා අරන් ගිහිල්ලා දවස් 21ක් යන්න ඉස්සරවෙලා මේ ආණ්ඩුවට එෆ්සීඅයිඩීයට,සීඅයිඩීයට   අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට රටේ ජනාධිපතිතුමා බරපතල චෝදනාවක් කරනවා විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් බය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා බය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කථා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවරුදු දෙකේදී මේ සියලු දෙනා කළේ පලිගැනීම. මගෙන් පලිගැනීම පවුලෙන් පලිගැනීම විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවරුන්ගෙන් පලිගන්න පටන්ගත්තා. එෆ්සීඅයිඩී එකට අරන් යනවා. පන්සල හැදුවෙ කොහොමද කියලා අහනවා. මේකට සල්ලි දුන්නෙ කවුදැයි අහනවා. ඒ පාර ඒ ලයිස්තුව හොයාගෙන යනවා. ගිහිල්ලා අහනවා කීයක් දුන්නද කියලා. මේ විදියට පහළොස්දාහකට විසිදාහකට වැඩිය රජයේ සේවකයන් ව්‍යාපාරිකයන් හාමුදුරුවරුන් ගෙන ගිහිල්ලා කරදරයට පත්කරනවා. හාමුදුරුවරුන් අද වන විට 48 දෙනෙක් හිරගෙදර‍. උඩුවෙ ධම්මාලෝක නායක හැමුදුරුවොත් එයින් එක්කෙනෙක්    

ඕනෑම රුපවාහිනි නාළිකාවක් අපිට බනින ඒවානම් දානවා මොකද අද මාධ්‍යට වාරණයක් නෑ කියලා කිවුවට වාරණය හොදටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි ගෙනල්ලා පුද්ගලිකව අයිතිකාරයට බනිනවා පාර්ලිමේන්තුවේ නම් කියලා වාර්තා කාරයින්ට බනිනවා මෙවැනි යුගයක් මිට පෙර තිබුනේ නැහැ“යැයි ඔහු පැවසීය.

m2 m4 m1