වසර 80කට අධික කාලයක් උතුරේ ජීවත්වන සිංහල ජනතාවත් සමග කිසිදු ගැටලුවක් නොමැති බවටත් ගැටලුව ඇත්තේ දකුණේ සිට උතුරට පැමිණ උතුරේ ජනතාවගේ ඉඩම්වල පදිංචි වීමට උත්සහ දරන පිරිස් සමග බවට අතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි
“1950 සිට 1956 වෙනකම් උතුරේ තිබුනු පාසල් වලට උගන්නන්න දකුණෙ සිට හුගක් ගුරුවරු ආවා.1956 දී සිංහල භාෂාව පමණක් ප්‍රධාන භාෂාව කියල නීතියක් ගෙනාව නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ඒකයි අපි ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නෙ.“යැයි ඒ මහතා සඳහන් කර සිටියි.




