උතුරු මහ ඇමති සී.වී. විග්නේශ්වරම් මහතාගේ නායකත්වයෙන් පිහිට වු දෙමළ ජනතා මණ්ඩලය දෙමළ ජාතික සංධානයට එරෙහි පෙරමුණක් නොවන බව උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා කියයි. එම පෙරමුණ දෙමළ ජාතික සංධානයට එරෙහි වන්නේ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එය අතුගා දමනු ඇතැයි ද කියයි. නව සංවිධානයේ අරමුණ විය යුත්තේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීමත් එම දෙපලාතේ ඉඩම් යලි ඔවුනටම ලබා දීම ආදිය බවත් ඔහු අවධාරණය කරයි. දෙමළ ජනතා මණ්ඩලය උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් හඬ නගා ඔවුන්ගේ අර්බුද විසදීම සඳහාම ඇපකැප වුවහොත් ජනතාවගේ පූර්ණ සහාය ලැබීම නොවැලැක්විය හැකි බවද සිවාජිලංගම් මහතා කියයි. යාපනයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.




