“ඉඩම් බලතල දෙනතුරු කිසි වැඩක් කරන්න බැහැ“


පළාත් සභා වෙත බලතල පැවරීමට මධ්‍යම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම නිසා උතුරු පළාතේ  ගැටළු රැසක් මතු වී ඇති බවට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසුවේය.

 “ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය යටතේ පවතින තුරු ඉඩම් ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකියි.මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීමෙන් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතියි.“යැයි ඔහු කීය.

යාපන මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති හමුවකදී ඔහු මේ බව කීවේය.

උතුරේ නැවත පදිංචි වූවන්ගේ ඉඩම් සම්බන්ධයෙන් පළාත් සභා වෙතට පැවරී ඇති කාර්යන් සිදු කිරීමට යාමේදී නිලධාරීන්ට විසඳාගත නොහැකි ගැටළු රැසක් මතු වී ඇති බවටත් එහිදී ජනතාවට අවශ්‍ය වන ආකාරයට සෘජු තීරණයන් ගැනීමට හැකියාවක් හෝ බලයක් පළාත් සභාවට නොමැති බවත් හේ පැවසීය.