“ඉංජිනේරුවාට සමාන දැනුමක් ගොවීන්ට තියෙනවා“


වත්මන් වාරි ඉංජිනේරුවකුට සමාන දැනුමක් ඇති අපේ ඇතැම් පැරණි ගොවියන්ගේ දැනුම අත්දැකීම් හා පරිනත බව කිසි විටෙක බැහර නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති  ඩිප්ලෝමාධාරි ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතික පත් ප්‍ර‍ධානය කිරීමේ උත්සවයේ දී කිවේය.

ශ්‍රි ලංකා වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ගල්ගමුව වාරි අභ්‍යාස ආයතනයේ  ඩිප්ලෝමාධාරි ඉංජිනේරු සහකාරවරුන්ගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (07) පැවැත්විණි.

වාරි දෙපාර්තමේන්තුවේ  වසර  30 කට  අධික කාලයක්  සේවය කළ අය ජනාධිපති අතින්  “දිර්ඝ සේවා” තිළිණ සම්මාන ලදහ

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.රත්නායක හා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අබ්දුල් මජීඩ් යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

RDS_8342 RDS_8366 RDS_8369 RDS_8384 RDS_8390 RDS_8421

  

 

(ජායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)