“ඇඹිලිපිටි පොලිස් පිරිස අත්අඩංගුවට නොගැනීම ප්‍රශ්නයක්”


උසාවි නියෝගයක් තිබිය දී ඇඹිලිපිටියේ සහකාර පොලිස් අධිකාරී හා ඕ.අයි.සී ඇතුළු පිරිස අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ඇමති මණ්ඩලයේ දී මතු කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් පුනාන්දු මහතා පුවත්පත් සාකච්ඡාවකදී අද (01) පැවසීය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ පොලිස් කොමිසම ගැනත් ප්‍රශ්න ඇති බවයි. මෙම කොමිසම හරියට වැඩ කරනවාදැයි තමා නොදන්නා බව ඔහු කීවේය.