
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරීන් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර මහතා පවසයි.
ආනවිළුන්දාව උද්‍යාන භාරකරු පවසා සිටියෙ ගංවතුර හේතුවෙන් ආනවිළුන්දාව හා සුරුවිල වැව් දෙකෙහි බැම් කඩාගෙන ගොස් ඇති බවත් අනිත් වැව් පද්ධතියට ද හානි සිදුව ඇති බවද උද්‍යාන භාර අජීත් කුමාර මහතා පවසයි.
මේ හේතුවෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ වැව් පද්ධතිය මේ වන විට ජලය නොමැතිව පාළු ස්භාවයක් ගෙන ඇති අතර එහි රැදි සිටි පක්ෂීන් ද මේ වන විට දැඩි අවදානමකට ලක්වි ඇති බව කියයි.
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි දෙස් විදෙස් පරිසර හිතකාමින්ගේ ආදරයට පාත්‍ර වු සුන්දර රැම්සා තෙත් බිමක් වන අතර මෙම රැම්සා තෙත් බිම තුළ දෙස් විදෙස් පක්ෂීන් සිය දහස් ගණනක් සැරිසැරිම සිදුවෙති. ඒ සමඟම විවිධ උරග ජීවින් ඇතුළු විවිධ සතුන්ගේ පාරාදිසයක් ද වෙති.



