“අපහාසයක් වුණානම් රංජන්ට උසාවි යන්න පුළුවන්“


ජනමාධ්‍ය මගින් තමාට අපහාසයක් වී ඇතැයි රංජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයාට හැඟෙන්නේ නම් කළයුත්තේ දිස්ත්‍රික් උසාවියක අපහාස නඩුවක් පැවැරීම යැයි තොරතුරු කොමිසමේ කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී පුංචිහේවා මහතා “ලංකාදීප” යට  පැවැසීය. 

කොමසාරිස්වරයා මේ බව පැවැසුවේ වැරැදි තොරතුරු ප්‍රචාරයකින් තමාට අපහාස වුවද ඊට එරෙහිව ගතහැකි පියවර තොරතුරු පනතේ නොවීමෙන් තමාට අසාධාරණයක් වී ඇති බවට සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මාධ්‍යට කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර වශයෙනි. 

තොරතුරු පනත යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ව්‍යවස්ථාපිතවම බලාත්මක වී යැයි කී හෙතෙම පුද්ගල අපහාස සම්බන්ධයෙන් පියවර ගැනීම ගැන එහි සඳහනක් නැතැයි අවධාරණය කර කීය.