ගුණාත්මකභාවය රැකගනිමින් සැමට සමානව අධ්‍යාපන අයිතිය ලැබෙන පරිදි මෙරට ප්‍රාථමික අධ්‍යාපනයට ස්ථිරසාර විසදුමක් ලබාගැනීම සඳහා යෝජනාවක් ජනාධිපතිට ලබා දීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
ලොව දියුණු රටවල වෛද්‍යවරුන්ගෙන් ගුණාත්මක සේවයක් ලබා ගැනීමට අධික පිරිවැයක් දැරුවද ලංකාවේ එම අභියෝගය වෛද්‍යවරුන්ගේ මූලික ගැටළු කිහිපයකට පමණක් විසදුම් ලබා දෙමින් බුද්ධිමත්ව ජයගෙන ඇති බව එම සංගමය පවසයි.
වෛද්‍යවරු දිරිගැන්වීමෙන් එහි ප්‍රතිලාභ ලබන්නේ රටේ රෝගී ජනතාව බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.