“19ට ඡන්දය නොදී ගමට එන්න එපා”


19 වැනි   ආණ්ඩු ක්‍රම  ව්‍යවස්ථා  සංශෝධනයට  විරුද්ධ ව  ඡන්දය  භාවිතා   කර   ගමට  එන්නට එපා   යැයි   පාර්ලිමේන්තු  මන්ත්‍රිවරුන්   225 දෙනාටම  දැනුම්   දෙන  බව  සාධාරණ සමාජයක්   සඳහා   වු  ජාතික  ව්‍යාපාරයේ  කැඳවුම්කරු   මාදුළුවාවේ  සෝභිත  නාහිමියෝ  පැවසුහ.

වසර  35 ක්  පමණ  තිස්සේ   විධායක  ජනාධිපති  ක්‍රමයෙන්   බැට   කෑ ජනතාව  19 වැනි  සංශෝධනය සම්මත වන තුරු නොඉවසිල්ලෙන්   බලා සිටන  බව ද උන්වහන්සේ  සඳහන්  කළහ.

සෝභිත හිමියන්   මේ  බව  පැවසුවේ  එම  සංශෝධනය සම්මත  කරන්නැයි  බල  කරමින්   පාර්ලිමේන්තුව අසල දී  අද  (27) පෙරවරුවේ පැවති  උද්ඝෝෂණය අතරතුර දි   පැමිණ  සිටි ජනතාව  අමතමිනි.

පුරවැසි සංවිධාන කමිටු එකතුව, සාධාරණ  සමාජයක්  සඳහා   වු ජනතා ව්‍යාපාරය හා,දේශපාලන  පක්ෂ රැසක සාමාජිකයන් මේ අවස්ථාවට එක් වුහ.