“
නිධානයකින් ගත් බව කියන රන් කරිවිල ඇට වරාගන් කිලෝවකට වැඩි ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 40කට විකිණීමට ගිය අයෙක් පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මුදලාලිලා දෙදෙනකු මෙන් වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙදෙනකු සමග ඔහු මේ ගනුදෙනුව කරන්නට ගියේය. සැකකරුවකු පලාගිය බවත් බොරු රන් සමග අල්ලාගත් සැකකරු එප්පාවල පොලිසියට බාරදුන් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

