(අංජුල මහික වීරරත්න)
කටාර් හි දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා කටාර් හි දෝහා හමාඩ් ගුවන් තොටුපලේදී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී පවතින ගුවන්යානා ඉන්ධන සැපයුම් කොන්ත්‍රාත්තු 2023.10.31දිනෙන් අවසන් වීමට නියමිතය.
රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව එම ගුවන්තොටුපළවල් දෙකේ සිටින එකම ගුවන් යානා ඉන්ධන සැපයුම් කරුවන්ට මාස විසි හතරක් සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

