’’වෑකඩ දතා’’ හෙරොයින් සමඟ අල්ලයි


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතමයකු බව කියන "වෑකඩ දතා"නැමැත්තා  හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග  පානදුර පින්වත්ත  ප්‍රදේශයේදී අද  (25)  අත්අඩංගුවට ගත් බව පානදුර  දකුණු පොලිසිය කියයි.

සැකකරු ඩුබායි රටට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "රත්මලාන දේවේන්ද්‍ර " නැමැත්තාගේ ප්‍රධානම ගෝලයකු බව අනාවරණය වී තිබේ.

සැකකරු සමඟ මත්කුඩු ප්‍රවාහනයට යොදා ගත් යතුරු පැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.