’’වැඩ කරන මිනිස්සු උද්ඝෝෂණ වලට හිර කළේ නෑ’’


(අංජුල මහික වීරරත්න)

වැඩකරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කළේ නැති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 

ජනතාවට වරප්‍රසාද ලබා දී හොඳ ජීවිත ගත කරන්නට හැකි තැනකට ගෙන ඒමට එජාපය හැම විටම කටයුතු කළ බවද විජයවර්ධන මහතා කීය.

"අධ්‍යාපන අයිතිය ඇතුළු වෘත්තීය අයිතීන් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බව කිව යුතුයි.මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇතිකර වැඩකරන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය නිම් වළලු පුළුල් කරන්නට අපට හැකි වුණා.වැඩකරන ජනතාව පීඩිත පන්තිය බවට පත්කර උද්ඝෝෂණ අරගලවලට පමණක් හිර කරන්නට ඇතැම් පක්ෂ කටයුතු කළා.එලෙස පීඩිත පන්තියක් ඇතිකරගත්තේ තමන්ගේ දේශපාලන ගමන යාම සඳහායි.යනුවෙන් ද එජාප මැයි රැලිය අමතමින් රුවන් විජයවර්ධන මහතා කීය.