’’ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ’’


(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් මිල මෙම මාසයේ (පෙබරවාරි) සංශෝධනය නොකරන බවත් ඒ අනුව ජනවාරි මස මිල මෙම මස තුළ ද පවතින බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.

පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බවත් ඒ අනුව ලිට්‍රෝ ගෘහ්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් රුපියල් 3,690 කට, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,482 කට සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 694 කට තව දුරටත් අළෙවි කරන බවත් චන්න ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කරයි.