’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ  විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එලෙස සූටි  මැසූ නායකයන් තමාගේද යහළුවන් බැවින් එම නම් හෙළි කරන්නේ නැතැයි  අලුත්ගමගේ මහතා කීය.

මූල්‍ය අරමුදලේ ණය නොලැබී ගිය පසු මිනිසුන් පාරට ගෙනැවිත් බලයට එන්න බලාගෙන සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙන බව කී අලුත්ගමගේ මහතා මූල්‍ය අරමුදලේ මුදල් රටට හිමි නොවිය යුතු බව ඒ අයගේ පැතුම වූ බව සඳහන් කළේය.