’’මැකෝ’’ගෙන් මුද්‍රණාලයට කෝටි 20 ක පොල්ලක්


(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 20 කට වැඩි මුදලක් මැතිවරණ කොමිෂන් සභාවෙන් රජයේ මුද්‍රණාලයට මෙතෙක් නොලැබීම නිසා මුද්‍රණාලය දැඩි ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට සිහිකැඳවීම් ගණනාවක්ම කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.

මේ තත්වය නිසා වර්ෂය පුරා සෙසු වැඩ කටයුතු සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක් වන බවද ඇය සඳහන් කළාය.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක රැසක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් අවසන්වී එම පත්‍රිකා සියල්ල මුද්‍රණාලයේ ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර පවතී.යම් විදිහකින් හෝ පළාත් පාලන මැතිවරණය අවලංගු කෙරුණොත් එම ඡන්ද පත්‍රිකා සියල්ල විනාශ කිරීමට සිදුවනු ඇත.