’’මන්නා කන්නාට’’ වෙඩි තැබීමේ සිද්ධියට 3ක් මාට්ටු


(ඉන්දිකා  රාමනායක)

ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ඉකුත් 19 දින  මන්නා කන්නා නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොල්ගස්ඕවිට ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩි තැබීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනා ඊයේ (22) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා කොළඹ 13, 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා කන්නා නමැත්තා කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.