’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’


(යොහාන් භාසුර)

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍රමයක් ආණ්ඩුව සකස් කර නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැවසීය.  

බැංකු ගිණුම්වල රදවාගැනීමේ අයකිරීම සියයට 5 සිට 10 දක්වා ඉහළ දැමීමට හේතුව විශාල ප්‍රමාණයෙන් මුදල් තිබුණ ද බදු නොවන පුද්ගලයන්ගෙන් අයකිගැනීමේ පියවරක් ලෙස බවත් මාසික ආදායම රුපියල් 150,000 ට අඩු පුද්ගලයන්ට ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේවන්තුවට කරුණු ඉදිරිපත් කර නිදහස් වියහැකි බවත් අමාත්‍යවරයා කීය.

වර්තමාන ආණ්ඩුව හැකි උපරිම කර ඇති බව කී අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආණ්ඩුව ගැටලුවට ක්‍රමයෙන් විසඳුම් දීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.