’’බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැහැ’’


(නිමල කොඩිතුවක්කු)

බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව  0.55%කින් අඩු වුවත් බස් ගාස්තු තවත් අඩු කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල  සහ අනෙකුත් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව (4) සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරනු ලැබීය.