
(අංජුල මහික වීරරත්න)
දේශපාලන නායකයින්ට විරුද්ධ ගෙන යන ක්‍රියාකාරකම් සඳහා තමන් දැඩිව විරෝධය දක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විපක්ෂයේ දේශපාලන නායකයන්ගේ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය එම නිවේදනය මාධ්‍ය හමුවට ඉදිරිපත් කළාය.
"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් ඇති කරන බව කිව යුතුයි.
එමෙන්ම මෙහි ප්‍රතිවිපාක සමාජයේ අයිතිවාසිකම් සඳහා ගැටලුවක් ඇති කරවයි" යනුවෙන්ද හිටපු ජනපතිනිය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

