
(අංජුල මහික වීරරත්න)
මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවැති දිට්වා සුළි කුණාටුව ලංකාවේ උතුරු ප්‍රදේශයට බරව වයඹ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි, සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි. මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට 8.8.75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (80-90) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක.
තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුළි කුනාටුවේ ගමන් මාර්ගය සහ ඉදිරි තත්ත්වයන් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කරයි.

