(නිමල කොඩිතුවක්කු)
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී අද (15) පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරන ලෙසටත්, පොහොට්ටුවේ දූෂිත පිරිස් වලට ඇමතිකම් ලබා දෙන ලෙසටත්, ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවන බවට අභියෝග කිරීමටත් පොහොට්ටුවේ පිරිස් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බවත් රාහුමාන් මහතා සඳහන් කළේය.
රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීමට දේශපාලන ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බවත් ජනමතයක් නොමැති වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොලීසිය සහ හමුදාව කොළඹට කැඳවා රට පාලනය කරන තත්ත්වයට පත්ව ඇතැයි ද කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.

