’’ගත්ත ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ’’


(අංජුල මහික වීරරත්න)

බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝක් නුවර දී පැවසුවාය.

කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව  ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බව යැයි කී බංග්ලාදේශ අගමැතිනිය එම තත්ත්වය  අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විය.