’’කොළඹ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරනවා’’


(යොහාන් භාසුර)

රුපියල් කෝටි 3800 ක් වැය කරමින් කොළඹ සමුද්‍රීය මාර්ගයේ දෙහිවල සිට පානදුර දක්වා කිලෝමීටර 17 ක කොටසේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

එහි මූලික ශක්‍යතා අධ්‍යනය මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විට අවසන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ දේපල අහිමිවූවන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 2100 ක මුදලක් වෙන්කර ඇති බව සඳහන් කළේය.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩාත් සුදුසු විකල්පය ලෙස හදුනාගත් සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් මේ වන විට අදියරයන් 6 ක් යටතේ ඉදිකිරීම් අවසන් කර ඇති බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.