(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පැවසීය.
තමාට මෙන්ම වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාටද අපහාස වන අයුරින් මෙම කාන්තාව සමාජ මාධ්‍යයේ විවිධ සටහන් තබා ඇතැයි කී මන්ත්‍රීවරයා එම සටහන් නිසා තමාට ජීවිත තර්ජනයක් ඇතිවී තිබෙන බවද සඳහන් කළේය.
තමා වරදක් කර තිබේ නම් ඕනෑම විවේචනයක් කළාට කමක් නැතැයි ද වරදක් නොකර මෙලෙස විවේචනය කිරීම හරි නැතැයිද අබේගුණවර්ධන මහතා කීය.
තමා හොරෙක් බවත් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් එම ෆේස්බුක් සටහන් වල සඳහන්ව ඇතැයි මන්ත්‍රීවරයා කීය.
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයටද ඉල්ලූ මෙම කාන්තාව "කේක් නෝනා" යැයි කියූ විට කවුරුත් දන්නා බවද රෝහිත අබෙිගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය.

