(යොහාන් භාසුර සහ අංජුල මහික වීරරත්න)
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැනීම වෙනුවෙන් සියලු පියවර ලබන වසරේ ආරම්භ කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසුවේය.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එසේ පැවසීය.
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා සේම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සැපයුම්කරුවන් සොයා වැටලීම් කර ඔවුන්ට එරෙහිව ගන්නා නීතිමය ක්‍රියාවලිය අවසන් වන තෙක් පසුවිපරම් සිදු කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් රට පුරා විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කී ගුණසේකර මහතා එය මාධ්‍ය සංදර්ශනයක් නොවන පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම අපේක්ෂා කරන වැඩසටහනක් බව ද සඳහන් කළේය.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගරය මත්ද්‍රව්‍ය උවදුර වැඩිම නගරයක් බවත්, පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වී තිබීම නිසා ඔවුන්ව බේරා ගැනීම රජය සතු වගකීමක් ලෙස සළකා ලබන වසරේදී මත්ද්‍රව්‍ය උවදුර කොලොන්නාව නගරයෙන් සහමුලින්ම ඉවත් කළ යුතු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.