’’කතානායකවරයාගේ ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පාර කැපෙනවා’’


විනීතා එම් ගමගේ

 
ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති පිළිගත නොහැකි යැයි කථානායකවරයා විසින් කළ ලිඛිත ප‍්‍රකාශය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය සුවිශේෂී අර්බුදකාරි අවස්ථාවක් උදා කර ඇතැයි පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 

ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී ඇති විශේෂ බලතල පාවිච්චි කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පරමාධිපත්‍ය බලය ඇති ජනතාව ලවා අගමැතිවරයෙක් තෝරා පත්කර ගැනීම පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම යැයි ද ගම්මන්පිල මහතා කියා සිටියේය. 

ව්‍යවස්ථාවේ පවතින ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමින් මේ අවස්ථාවේ අගමැතිවරු දෙදෙනාගේ කථාව අවසන් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද හෙතෙම කියා සිටියේය. 

පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ එම පක්ෂයේ මුලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවක දීය.