’’ඉස්සෝ කන්ටේනර් දෙකක් වරායෙන් පන්නන්න යයි’’


(යොහාන් භාසුර)

වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන් වරායෙන් නිදහස් කරගෙන විවෘත වෙළෙදපොළේ අළෙවි කිරීමේ උත්සහයක් පවතින බවත් වරාය භාණ්ඩ ලංසුකරුවෝ පවසති.

වරාය අධිකාරිය ලබන පෙබරවාරි 28 වැනිදා පැවැත්වීමට නියමිත  වෙන්දේසියට මෙම ඉස්සෝ කන්ටේනර් දෙක ලැයිස්තු ගතකර නොමැති බව කියන ලංසුකරුවෝ ඇමෙරිකාවෙන් ආනයනය කළ මෙම කන්ටේනර් දෙකේ ඉස්සෝ කිලෝග්‍රෑම් 50,000 ක් පමණ අඩංගු බව ද සදහන් කරති.

මෙම ඉස්සන් අඩංගු කන්ටේනර් දෙක වරායෙන් නිදහස් කරගැනීමට ව්‍යාපාරිකයෙක් යැයි කියන පුද්ගලයෙක්ට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් සහ ශ්‍රී ලංකා රේගුවේ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  කීපදෙනකුගේ සහය ලැබී ඇති බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සත්ව ආහාර ලෙස හෝ වෙන්දේසි නොකර විනාශකරන මුවාවෙන් වරායෙන් රැගෙනයෑමෙන් රජයට අයවියයුතු විශාල බදු මුදලක් අහිමිවන බවත් ඔවුහු පවසති.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයක් නොමැතිව මෙවැනි ආහාර වෙලෙදපොළට නිකුත්වීම ජනතාවගේ සෞඛ්‍යයට දැඩි හානිකයක් වියහැකි බව ද වරාය භාණ්ඩ ලංසුකරුවෝ වැඩි දුරටත් සඳහන් කරති.