
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හෝමාගම හඳයා නැමැත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු හමුදා සෙබලෙකු වන බුද්ධික ලක්මාල් නොහොත් ආමි සුරංග නමැත්තායි
එම සැකකරු සමග බෝරු 12 වර්ගයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උණ්ඩ 3 ක් සමග පොලිස් භාරයට ගෙන ඇත
අගෝස්තු මස 13 වෙනිදින හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා තුවාල තුවාල සිදුකරා අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලටඅදාළව සැකකරු සම්බන්ධයෙන් ලැබී තිබූ සාර්ථක තොරතුරක් අනුව සැකකරු හංවැල්ල තුන්නාන තුන් නාන විහාරස්ථානයක් අසලදී අත්අඩංගුවට ගෙනඇත
එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ බෑගයක් තුළ මෙම ගිනි අවිය කොටස් දෙකකට කඩා බහා තිබූ බව පොලිසිය කියයි
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

