’’ආණ්ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ’’


(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ  විසිල් මිස බල්ටි නැති බව සමගි ජන බලවේගයේ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ආණ්ඩුව ජනතාව වෙනුවෙන් කියපු දේවල් කිසිවක් ඉටු කර නැතැයිද ඔහු සඳහන් කළේය.

ඇමරිකානු තානාපති කාර්යාලය සමඟ එකතුවී කුමන්ත්‍රණයක් කළ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ  නිවට පුද්ගලයන් අද සමාජය පුරා බොරු වපුරමින් සමාජයේ  අවුලක් ඇති කිරීමට උත්සහ දරන බවයි.