’’අව්-වැසි-සුළං’’කලාපීය සමුළුව ලංකාවේ


(අංජුල මහික වීරරත්න)

කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති (RIMES) ආයතනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආසියා, අප්‍රිකා හා පැසිපික් කලාපීය රටවල් 40 කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සංවිධානයකි.

සිය සාමාජික රටවලට බලපාන ගංවතුර, නියඟය, නාය යෑම, සුළි සුළං වැනි ආපදා සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රමෝපාය වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය හා තාක්ෂණික දැනුම ලබා දීම එම සංවිධානයේ අරමුණු වේ. එම ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, කලාපිය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 අප්‍රේල් මස අවසන් සතිය හෝ මැයි මස පළමු කලාපීය ඒකාබද්ධ බහු විධ ආපදා අනතුරු ඇඟවීමේ පද්ධති ආයතනයේ සිව්වන අමාත්‍ය සමුළුව 2025 අප්‍රේල් මස අවසන් සතිය හෝ මැයි මස පළමු සතිය තුළ දින 4 ක කාලයක් කොළඹදී පැවැත්වීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.