’’අපිට අද දවසම ඕනෑ’’ සජබ මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව යති




(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු  දොළහමාර වෙනතුරු විවාදය පැවැත්වීමට විරෝධය පළ කරමින්   සභා ගැබෙන්  පිටව ගියහ

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා

මේක දොළහ මාර වෙනකම් කරලා තුන්වෙනිදා දක්වා කල් දාමු. පක්ෂ නායක රැස්වීමේදී ඔබතුමාලා එකඟ වුණා ඒකට.  විපක්ෂයේ අය  අයවැය කල් දාන්නත් කිව්වා.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා  මහතා පැවසීය.

අපි පක්ෂ නායක රැස්වීමේදී දොළහමාර වෙනකන් ඉන්න එකඟ වුණේ නැහැ. අපි කිව්වේ අද දවසම අවශ්‍යයි කියලා.

( සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිටව යති)

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සභා ගැබේ තවදුරටත් රැඳී සිටිනු දැකගත හැකි විය.