’’ විපක්ෂයේ අංකල්ලා වගේ හැදෙන්න එපා’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඔබලා වැඩිහිටියන් වූ පසු විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැසිරෙන්න එපා යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු සභාව නරඹන්නට පැමිණ ගැලරියේ රැඳී සිටි සිසු සිසුවියන් අමතමින් පාර්ලිමේන්තුවේ දී  අද පැවසීය.

"මා පළමුවෙන්ම ගැලරියේ ඉන්න ළමයින්ගෙන් සමාව ඉල්ලිය යුතුයි. පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ මෙහෙම නෙමෙයි. ඔබලා වැඩිහිටියන් වූ පසු මේ විපක්ෂයේ ඉන්න අංකල්ලා වගේ හැදෙන්න එපා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.