’’ කියනකං ඉන්න එපා-යන්න’’


(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

"කියනකං ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නේ" යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ නිවස සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

නිවසින් ඉවත්වීමට ලිඛිතව දැනුම් ⁣දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.

" රජය කටයුතු කරන්නේ පනත අනුව.එතුමට කරදඩු උස් මහත් වෙච්ච ළමයි තුන්දෙනෙක් ඉන්න නිසා තාත්තා බලා ගනියි නේද? අනෙක් හිටපු ජනාධිපතිලටත් වැන්දඹුවන්ටත් මේ නීතිය වලංගුයි.ඔවුන්ගේ වරප්‍රසාද ඉවත් කර ජනතාව මත පටවා ඇති බර ඉවත් කරන්නයි අපිට ජනතාව වරමක් ලබා දුන්නේ යනුවෙන්ද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.