(බිඟුන් මේනක ගමගේ)
තමා ඝාතනය කිරීමට ඉන්දීය රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇතැයි ‘ද හින්දු’ පුවත්පතේ කොළඹ වාර්තාකාරිනි මීරා සිරිනිවාසන් විසින් තම පුවත්පට වාර්තා කරනු ලැබීමෙන් පසුව විවිධ පාර්ශ්ව දක්වන ප්‍රතිචාර මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මෙම පුවත ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවද ද හින්දු පුවත්පත සිටින්නේ එය ඇමැතිවරුන් සිව් දෙනෙකුම තහවුරු කළ බවට වන මතයේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ අතර මහින්ද අමරවීර ඇමැතිවරයා ඇමැතිවරුන් සිව් දෙනෙකු ද හින්දු පුවත්පත් මාධ්‍යවේදිනිය හරහා රෝ සංවිධානය සමඟ සබඳතා පවත්වන බවට චෝදනා කර ඇතැයි ද මෙය මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක් යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙය විදෙස් මාධ්‍ය වෙනුවෙන් වාර්තාකරණයේ නියැලෙන වාර්තාකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සංවේදී ප්‍රශ්නයක් යැයි ද මීරා සිරිනිවාසන් මාධ්‍යවේදිනියට මෙම තත්ත්වය හමුවේ මූලාශ්‍ර හෙලි නොකිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
’රෝ ඔත්තු සේවා පුවතින් පසු මාධ්‍ය නිදහසට බලපෑම් කරන තත්ත්වයක්’
Recommended Articles